අවශ්‍ය ද්‍රව්‍ය
- සාදාගත් බාස්මති ග්‍රෑම් 500
- සොයා මීට් ග්‍රෑම් 50
- මුදවාපු මී කිරි 1/4
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1 1/2
- රස අනුව ලුණු
- බටර් මේස හැඳි 2
- තෙල් මේස හැඳි 1
- බේ ලීව් කොළ 1
- කුරුඳු කැබැල්ලක්
- එනසාල් 3
- සූදුරු තේ හැඳි 1/4
- චොප් කරගත් ලූනු ගෙඩි 2
- ඉඟුරු සහ සුදුලූනු පේස්ට් තේ හැඳි 1
- චොප් කරගත් තක්කාලි ගෙඩි 1
- කපාගත් අමු මිරිස් කරල් 2
- චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
සොයා මිට්වලට උණුවතුර දමා තම්බා වතුර මිරිකා හරින්න. එයට මී කිරි, කහ කුඩු, මිරිස් කුඩු සහ ලුණු දමා කලවම් කර පසෙකින් තබන්න. වෙනත් තෙල් රත් වූ පෑන් එකකට මී කිරි, කහකුඩු, මිරිස් කුඩු සහ ලුණු දමා කලවම් කර සෝයා මීට් හැර අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකතුකර ගන්න. අවසානයට සෝයාමීට් දමා කලවම් කරගන්න.
