අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- බි ලූනු ගෙඩියක්
- තක්කාලි ගෙඩියක්
- ඉඟුරු කැබැල්ලක්
- සුදුලූනු බික් 2
- ඔලිව් ඔයිල් මේස හැඳි 2
- බෙල්පෙපර් ගෙඩිය
- රතු පාට අමු මිරිස් කරල් 2
- ලූනු ගස් එකක්
- ස්ටොක් පව්ඩර් තේ හැඳි 1
- කෝන් පිටි තේ හැඳි 2
- සෝයා සෝස් තේ හැඳි 2
- ඔයිස්ටර් සෝස් තේ හැඳි 1
- රස අනුව ලුණු
- පොල් තෙල් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
මුලින්ම බිත්තර 3 ගසාගෙන ලොකු කැබලි සිටින සේ ස්ක්‍රැම්බල් කර පසෙකින් තබන්න.පසුව බී ලූනු ගෙඩිය සිහින්ව කපා ඔලිව් ඔයිල් මේස හැඳි දෙක එකතු කර කලවම් කරගන්න. තක්කාලි ගෙඩිය උණු ජලයෙහි බහා ඉක්මනින් ඉවතටගෙන ලෙල්ල ඉවත් කර කුඩා කැබැලි කපාගන්න.සුදුලූනු සහ ඉඟුරු චොප් කරගන්න. රතු පාට අමු මිරිස් කරල් දෙක සහ ලූනු කොළ ගස කුඩාවට කපාගන්න.
බෙල් පෙපර ගෙඩිය කොටු හෝ දිග අතට කපා ගන්න. සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, චිකන් ස්ටොක් සහ කෝන් පිටි තේ හැඳි දෙක සමග වතුර කෝප්ප කාලක් එකතු කර දිය කරගන්න. වෙනත් භාජනයක් ළිප තබා තෙල් මේස හැන්දක් දමා රත් කර තක්කාලි එක්කර ටිකක් කලවම් කර අනෙක් සියල්ලම එයට එකතු කර විනාඩි 5 ක් පිසගෙන රස අනුව ලුණු එකතු කර ළිපෙන් ඉවතටගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/11/nilmini-ariyawansa.png)