අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ටූනා ග්‍රෑම් 400
- බැදගැනීමට තෙල්
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- කපාගත් අමුමිරිස් කරල් 4-5
- කරපිංචා ඉති 2
- රම්පෙ කොළ 1
- කුරුඳු පොතු කැබැලි 1
- කහ කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කෑලි මිරිස් මේස හැඳි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මාළුවලට ලුණු සහ කහ කුඩු එකතු කර සීසන් කර ගැඹුරු තෙලේ හොඳින් බැදගන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු, අමුමිරිස්, කරපිංචා, රම්පෙ, කුරුඳු පොතු, ලුණු කුඩු සහ කහ කුඩු එකතු කර හොඳින් බැදගන්න. එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් එකතුකර හොඳින් බැදගෙන මාළු දමා කලවම් කරගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)