අවශ්‍ය ද්‍රව්‍ය
- වියලන ලද පොල් කෝප්ප 2
- කිරිපිටි කෝප්ප 1 1/2
- වතුර මිලි ලීටර් 250
- සීනි ග්‍රෑම් 140
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා වතුර එකතු කර එයට සීනි දමා එය දියවූ පසු පොල්, කිරිපිටි එකතු කර හොඳින් කලවම් කරගන්න. මිනිත්තු 2-3 ක් මදගින්නේ කලවම් කර ඉන්පසු ළිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා මදක් නිවෙන්න හැර සාමාන්‍ය ප්‍රමාණයේ බෝල සාදා නැවත කිරිපිටි වල තවරා ගන්න.