අවශ්‍ය ද්‍රව්‍ය
- බතල ග්‍රෑම් 500
- පාන්පිටි කෝප්ප 1/2
- කුඩුකර ගත් සීනි මේස හැඳි 2
- පොල්තෙල් ස්වල්පයක්
- අවශ්‍ය පමණට වතුර
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හොඳින් සෝදා පිරිසිදු කර ගත් බතල භාජනයකට දමා තම්බා ගෙන එය වෙනත් භාජනයකට දමා ගෑරප්පුවක් ආධාරයෙන් හොඳින් පොඩි කරගන්න. එයට පාන්පිටි, සීනි, ලුණු එකතු කර හොඳින් කලවම් කර සාමාන්‍ය ප්‍රමාණයේ බෝල සාදා තුනී කර ගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් එකතුකර රත් වීගෙන එනවිට තුනී කරගත් බතල රවුම් දමා රන්වන්පාට වනතුරු දෙපැත්ත දමමින් පුළුස්සා ගන්න.