අවශ්‍ය ද්‍රව්‍ය
- සොසේජස් කරල් 24
- පාන් පිටි ග්‍රෑම් 500
- ඊස්ට් තේ හැඳි 2
- සීනි මේස හැඳි 2
- ගසාගත් බිත්තර 2
- දියකරගත් බටර් මේස හැඳි 6
- එළකිරි මිලිලීටර් 250
සාදාගන්නා ආකාරය
භාජනයකට පාන් පිටි, ඊස්ට්, සීනි, බිත්තර, කිරි සහ ලුණු දමා විනාඩි 5 ක් පමණ ලීයක් භවිතයෙන් කවලම් කර පැය එකහාමරක් පමණ වසා පිපෙන්න හරින්න. පසුව ඩෝ එකට පාන්පිටි ස්වල්පයක් එකතුකර මද වේලාවක් අනාගෙන බොල 24 කට කඩාගන්න.
එක් එක් බෝලය ගෙන බටයක් ආකාරය සාදා සොසේජස් කරල බැගින් ගෙන එය වාටා ඔතා ගන්න. සාදාගත් බනිස් තැටියකට දමා විනාඩි 30 ක් වසා තබා උඩින් බිත්තර තවරා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙ විනාඩි 25 ක් පමණ බේක් කරගන්න.