අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් කිරි කෝප්ප 1 1/2
- හොඳින් ඉදුණු අඹ ගෙඩි 4
- උණු වතුර කෝප්ප 1/4
- ජෙලටින් මේස හැඳි 2
- සීනි කෝප්ප 1
- ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අඹ ටික පොතු හැර කැබලි කපා බ්ලෙන්ඩර් එකට දමා වතුර මේස හැඳි 5 එක්කර බ්ලෙන්ඩ් කර භාජනයකට දමාගන්න.උණු වතුර දැමීමට හැකි සාමාන්‍ය තරමේ බෝල් එකක් ගෙන එයට ජෙලටින් සහ උතුරන වතුර දමා කැට නොසිටින සේ දියකරගන්න.
දැන් එයට සීනි සහ ලුණු දමා හොඳින් දිය කරගන්න.පසුව පොල් කිරි සහ බ්ලෙන්ඩ් කරගත් අඹ එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන කැමති හැඩයේ පොඩි කප් වලට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබා රස විඳින්න.