අවශ්‍ය ද්‍රව්‍ය
- Soft Taco Shells 10
- තම්බා පොඩි කරගත් අල ගෙඩි 2
- තෙල් මේස හැඳි 2
- සිහින්ව කපාගත් සුදු ලූනු බික් 2
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1/2
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2-3
- සිහින්ව කපාගත් කරපිංචා ඉති 1
- තලාගත් එන්සාල් 2
- කරාබු නැටි 1
- කහ කුඩු තේ හැඳි 1/8
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- අවශ්‍ය පමණට කෑලි මිරිස්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට සුදු ලූනූ, ලූනු, අමුමිරිස්, කරපිංචා, එන්සාල්, කරාබුනැටි එකතුකර හොඳින් බැදගන්න. පසුව ලුණු, කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කෑළි මිරිස් එකතුකර තරමක් බැදගෙන අල එකතුකර හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණය නිවුණු පසු Soft Taco වල මැදින් තියා දෙකට නවාගන්න. තෙල් ස්වල්පයක් තවරා ටාකෝ ටික තියා දෙපැත්තම හොඳින් බැදිගන්න.