අවශ්‍ය ද්‍රව්‍ය
- ග්‍රෑම් 375 පේස්ටි්ර ෂීට් පැකට් 1
- එළකිරි කෝප්ප 2
- සීනි කෝප්ප 1/2
- කස්ටඩ් පවුඩර් මේස හැඳි 4
- වැනිලා තේ හැඳි 1
- ස්ට්‍රෝබෙරි සහ බ්ලූබෙරි ගෙඩි 10
- ආමන්ඩ් පෙති
- අයිසින් සීනි
- කිරි මේස හැඳි 1 හෝ බිත්තර කහ මදය
සාදාගන්නා ආකාරය
අඩිය ඝනකම් භාජනයක් ළිප තබා එයට නැවුම් එළකිරි එකතු කරගන්න. එළකිරි මදක් උණු වූ පසු වැනිලා එකතු කර හැඳි ගාගන්න. කුඩා දීසියකට කස්ටඩ් පවුඩර් එකතු කර එයට රත්වන කිරි වලින් ස්වල්පයක් දමා කස්ටඩ් පවුඩර් හොඳින් දිය කර රත්වන එළකිරි භාජනයටම එකතු කරගන්න. ඉන්පසු සීනි ටික මෙම මිශ්‍රණයටම දමා කස්ටඩ් මිශ්‍රණය උතුරන තෙක් මද ගින්නේ දිගටම හැඳි ගාගන්න.
මිශ්‍රණය හොඳින් උතුරන විට ළිප නිවා කස්ටඩ් මිශ්‍රණය වතුරේ ගිල්වා එය වීදුරු භාජනයකට දමා හොඳින් නිවාගන්න. පේස්ට්‍රි ෂීට් කොටු හැඩයට කපාගෙන එම කොටුවල වාටියට පමණක් බිත්තර කහ මද ගා සීනි ටිකක් ඉස අවන් එකේ බේක් කරගන්න. බේක් කර ගත් ප්‍රේස්ටි වල මැදට කලින් සාදා ගත් කස්ටඩ් මිශ්‍රණය පුරවා ඊට උඩින් ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි හා ආමන්ඩ් පෙති දමා අයිසින් සීනි ඉස ගන්න.
