අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් පිටි කෝප්ප 2
- කෙසෙල් ගෙඩි 3
- බිත්තර 2
- පැණි කෝප්ප 1/2
- ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/4
- තෙල් කෝප්ප 1/4
- වැනිලා තේ හැඳි 1
- ලෙමන් ජූස් තේ හැඳි 1
- බේකින් පවුඩර් තේ හැඳි 1 1/2
- බේකින් සෝඩා තේ හැඳි 3/4
- ලුණු තේ හැඳි 1/4
- කුරුඳු කුඩු තේ හැඳි 1/2
- ආමන්ඩ් පිටි හෝ කේක් පිටි කෝප්ප 1
සාදාගන්නා ආකාරය
අවන් එක සෙල්ශියස් 175˚ ලෙස ප්‍රීහිට් කරගන්න. ඉන්පසු කේක් තැටියක බටර් ගා බේකින් පේපර් එකක් අතුරා ගන්න. ලොකු භාජනයක් ගෙන කෙසෙල් කුඩා කැබලිවලට කපා ගන්න. බිත්තර, පැණි, තෙල්, කිරි, වැනිලා ආදිය එකතු කරමින් හොඳින් මිශ්‍ර කරගන්න.
වෙනත් භාජනයකට ඕට්ස් පිටි, කේක් හෝ ආමන්ඩ් පිටි, බේකින් සෝඩා සහ බේකින් පවුඩර්, කුරුඳු කුඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. පිටි මිශ්‍රණයට පැණි මිශ්‍රණය එකතුකර හොඳින් බීට් කරගෙන පෑන් එකට දමා මිනිත්තු 45-55 අතර කාලයක් බේක් කරගන්න.අවන් එකෙන් ඉවතටගෙන විනාඩි දහයක් පමණ සිසිල් වීමට ඉඩ හරින්න.