අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති 5
- බිත්තර 3
- චොප් කරගත් ලූනු ස්වල්පයක්
- චොප් කරගත් තක්කාලි ස්වල්පයක්
- චොප් කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- චොප් කරගත් අමු මිරිස් කරල් 3
- රස අනුව මිරිස් කුඩු
- නැවුම් එළකිරි අවශ්‍ය පමණට
- තෙල් ස්වල්පයක්
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට ඉහත අමුද්‍රව්‍ය සියල්ලම දමා හොඳින් කලවම් කරගන්න. පාන් පෙති ඉහත සාදාගත් මිශ්‍රණයේ පොඟවා රත්වූ තැටියකට දමා දෙපැත්ත පුළුස්සා ගන්න.