අවශ්‍ය ද්‍රව්‍ය
- අවශ්‍ය පමණට උම්බලකඩ
- කංකුම් කොළ ග්‍රෑම් 200
- සිහින්ව කපාගත්ත රතු ලූනු ගෙඩි 3
- සිහින්ව කපාගත්ත සුදු ලූනු බික් 3-4
- කෑලි මිරිස් තේ හැඳි 1/2
- කහ තේ හැඳි 1/2
- ගාගත් පොල් ග්‍රෑම් 50
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- දෙහි යුෂ ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කංකුම් සිහින්ව ලියාගෙන භාජනයකට දමා එයට අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකතුකර මද ගින්නෙ විනාඩි 2-3 පිසගන්න. එය හොඳින් මිශ්‍ර කර අවසානයට දෙහි යුෂ දමා ගන්න.