අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව ගාගත් පොල් බෑයක පොල්
සෝදාගත් කුනිස්සන් කෝප්ප 1/4
රම්පෙ කොළ 1
කරපිංචා ඉති 2
කුරුඳුපොතු කැබැල්ලක්
ගොරකා කැබලි 1
කහ කුඩු තේ හැඳි 1/2
රස අනුව ලුණු
වතුර කෝප්ප 3/4
සාදාගන්නා ආකාරය
ගාගත් පොල් හොඳින් අඹරාගන්න. පෑන් එකක් ළිප තබා එයට ගාගත් පොල් හැර ඉතිරි සියල්ල එකතුකර මද ගින්නෙ හොඳින් තැම්බෙන්න හරින්න. හොඳින් තැම්බී බාගයක් වතුර හිදුනු පසු පොල් එකතුකර හැඳිගාමින් පිසගන්න.