අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් කොමඩු කෝප්ප 1
- කොටු හැඩයට කපාගත් අඹ කෝප්ප 1
- කොටු හැඩයට කපාගත් අන්නාසි කෝප්ප 1
- කොටු හැඩයට කපාගත් පිපිඤ්ඤා කෝප්ප 1/2
- කපාගත් ස්ටෝබෙරි ගෙඩි 4
- පැණි මේස හැඳි 1
- දෙහි යුෂ තේ හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
ඉහත සියලුම ද්‍රව්‍ය බෝල් එකකට දමා හොඳින් කවලම් කරගන්න.
සූපවේදී සපුමල් විජේසිංහ