නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: එළු මස් කරිය
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
ඉවුම් පිහුම්

එළු මස් කරිය

Published July 31, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • එළුමස් ග්‍රෑම් 500
  • ලූනු ගෙඩි 2
  • අමුමිරිස් කරල් 4
  • තක්කාලි ගෙඩි 2
  • රතු පාට බෙල් පෙපර් ගෙඩි 1
  • තලාගත සුදුලුනු ගෙඩි1
  • තලාගත් ඉඟුරු කැබැල්ලක්
  • කොත්තමල්ලි කොළ
  • රම්පෙ කරපිංචා
  • එනසාල් ඇට 5
  • කරාබුනැටි 5
  • කුරුඳු කැබැල්ලක්
  • සුදුරු තේ හැඳි 1
  • උළුහාල් තේ හැඳි 1
  • කහකුඩු තේ හැඳි 1/2
  • මිරිස්කුඩු මේස හැඳි 3
  • ගම්මිරිස්කුඩු මේස හැඳි 2
  • බැදපු තුනපහ මේස හැඳි 2
  • මිටිකිරි අඬුකෝප්ප 1
  • වතුර අඬුකෝප්ප 2
  • පොල්තෙල්
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

එළු මස් සෝදා වතුර බේරෙන්න හරින්න. ඉඟුරු, සුදුලුනු හීනිීයට තලාගන්න. ලූනු, අමුමිරිස්, තක්කාලි, හීනියට කපාගන්න. බෙල්පෙපර් එක තරමක ලොකු කොටු හැඩයට කපාගන්න. භාජනයක් ළිප තබා, පොල්තෙල් මේස හැඳි තුනක් එකතුකරගන්න. තෙල් රත්වෙද්දි සූදූරු, කුරුඳු, එනසාල්, කරාබුනැටි, කපාගත් ලූනු, අමුමිරිස් , තක්කාල, තලාගත් ඉඟුරු සුදුලුනු මිශ්‍රණය, රම්පේ කරපිංචා එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. තෙම්පරාදු කරගත් මිශ්‍රණය ටික වෙලාවක් නිවෙන්නට තබා ක්‍රිම් එකක් වෙනකම් හොඳින් ග්‍රයින්ඩ් කරගන්න. වෙනත් භාජනයක් ළිප තබා පොල්තෙල් මේස හැඳි දෙකක් එකතුකර තෙල්ටික රත්වෙද්දි උළුහාල් එකතුකර බැදගන්න.

ඒ සමඟම සදාගත් මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරන්න ඉන්පසු එයට කහකුඩු, මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු, බැදපුතුනපහ එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. දෙවනුව මස් ටික එකතුකර හොඳින් කලවම් කර වතුර කෝප්ප දෙක, රස අනුව ලුණු එකතුකර පියනකින් වසා අඩු ගින්දරේ පිසගන්න. හොදි ගතිය අඩු වීගෙන එනවිට මිටිකිරි එකතුකර හොඳින් කලවම් කරමින් උයාගන්න. අවශ්‍ය පමණට හොඳි තියා ළිපෙන් ඉවත්කර දීසියකට දමා කොත්තමල්ලි කොළ එකතුකර උණුවෙන්ම පිළිගන්වන්න.

ප්‍රවීණ සූපවේදිනී
චන්දිමා මල්ලවආරච්චි
Chandi’s Kitchen
මාවරමණ්ඩිය

TAGGED: Elu mas curry, එළු මස් කරිය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

පැෂන් පුඩිං

September 25, 2023

පැෂන් ගැටූ

September 25, 2023

Crumbed Sausage Roll

September 25, 2023

Sausage Bread Rolls

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?