අවශ්‍ය ද්‍රව්‍ය
- එළුමස් ග්‍රෑම් 250
- රවුම් හැඩයට කපාගත් ලූනු ගෙඩි 2
- රවුම් හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 2
- කොටු හැඩයට කපාගත් අල ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් කැරට් අල 1
- මාළු මිරිස් කරල් 1
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 3
- තලාගත් සුදු ලුනු ගෙඩි 1
- තලාගත් ඉඟුරු කැබැල්ලක්
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- රම්පෙ කරපිංචා
- කුරුඳු කැබැල්ලක්
- එනසාල් ඇට 5
- කරාබුනැටි 5
- සූදුරු තේ හැඳි 1
- ගම්මිරිස්කුඩු මේස හැඳි 2
- කහකුඩු තේ හැඳි 1
- අමු තුනපහ තේ හැඳි 1
- විනාකිරි මේස හැඳි 3
- වතුර කෝප්ප 3
- පොල්තෙල් මේස හැඳි 4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
මස් සෝදා භාජනයකට එකතුකර එයට කහකුඩු තේ හැඳි 1/4, ගම්මිරිස්කුඩු තේ හැඳි 1, අමුතුනපහ තේ හැඳි 1, කුරුඳු, රම්පේ කරපිංචා, විනාකිරි, ලුණු සහ වතුර කෝප්ප 3 එකතුකර මද ගින්නේ තම්බාගන්න. මද වේලාවකට පසුව එයට අල සහ කැරට් එකතුකර තම්බාගන්න. එය ළිපෙන් ඉවත් කරගෙන තම්බාගත් මස්, කැරට් සහ අල වෙනම බෝල් එකකට දමා භාජනයේ ඉතිරි ස්ටොක් වතුර ටික වෙනම තියාගන්න. තෙල් රත්වූ භාජනයකට සූදුරු, ඉඟුරු සහ සුදු ලූනු එකතුකර තෙම්පරාදු කරගන්නා අතරතුර තම්බාගත් මස්ද එකතුකර බැදගන්න. ඉතිරි කහකුඩු, ගම්මිරිස්කුඩු, අමුතුනපහ, එකතුකර හොඳින් කලවම් කර ස්ටොක් වතුර දමාගන්න. ඉන්පසු තම්බාගත් අල, කැරට්, ලූනු, මාළුමිරිස්, තක්කාලි, අමුමිරිස් දමා කලවම් කර පිසගන්න.
ප්‍රවීණ සූපවේදිනී
චන්දිමා මල්ලවආරච්චි
Chandi’s Kitchen
මාවරමණ්ඩිය