අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙන්ච් ෆ්රයිස් අවශ්‍ය පමණට
- බටර් මේස හැඳි 1
- පාන් පිටි මේස හැඳි 1
- නැවුම් එළකිරි කෝප්ප 1
- සුදු ලූනු බික් 1
- චීස් ග්‍රෑම් 150
- රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
- පාස්ලි ස්වල්පයක්
- පාමසාන් චීස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටික හොඳින් බැදගන්න. පෑන් එකක් ළිප තබා බටර් එකතුකර බටර් දිය වූ පසු පාන් පිටි එකතු කර හොඳින් කලවම් කරගන්න. එයට එළකිරි සහ සුදු ලූනු දමා මද වේලාවකට පසුව චීස් දමා උකු සෝස් එකක් සාදාගන්න. ෆ්‍රෙන්ච් ෆ්රයිස්වලට ලුණු ගම්මිරිස් ඉස කලින් සාදාගත් සෝස් එක උඩින් දමා පාස්ලි සහ පාමසාන් චීස් ස්වල්පයක් ඉසින්න.
සූපවේදිනී
චම්මි ඉමල්කා