අවශ්‍ය ද්‍රව්‍ය
- අවශ්‍ය පමණට ෆ්‍රෙන්ච් ෆ්රයිස්
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 250
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- දෙහි යුෂ ස්වල්පයක්
- තෙල් මේස හැඳි 4
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් බෙල් පෙපර් 1/2
- ටෝටියා රොටි 1
- මෙයොනීස් සෝස් ස්වල්පයක්
- මොසරැල්ලා චීස් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස් තරමක් ලොකුවට කපා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, කහ කුඩු සහ දෙහි යුෂ දමා කලවම් කර විනාඩි 30 ක් පමණ සීසන් වෙන්න හරින්න. තෙල් රත්වූ පෑන් එකකට සීසන් කරගත් කුකුල් මස් එකතුකර හොඳින් රෝස්ට් කර පොඩි කැබලිවලට කපාගන්න. කුකුල් මස් ඉවත් කර එම පෑන් එකටම ලූනු සහ බෙල් පෙපර් එකතුකර තරමක් බැදගෙන ඉවත් කර ගන්න.
ටෝටියා රොටියක් මැදට මයෝනීස් සෝස් තවරා ෆ්‍රෙන්ච් ෆ්රයිස්, කුකුල් මස්, ලූනු, බෙල් පෙපර්, චීස් සහ සෝස් එකතුකර රොටිය දෙපැත්තෙන් නවා රෝල් කර ගන්න. පෑන් එකක තබා රන්වන් පාටට පුළුස්සා ගෙන ෆොයිල් කොළයක ඔතා දෙකට කපා ගන්න.
සූපවේදිනී චම්මි ඉමල්කා