අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ඌරු මස් ග්‍රෑම් 500
- ඉඟුරු ග්‍රෑම් 10
- සුදු ලූනු ග්‍රෑම් 10
- ලූනු ග්‍රෑම් 200
- ගම්මිරිස් කුඩු ග්‍රෑම් 10
- ලූනු කොළ ග්‍රෑම් 50
- සීනි ග්‍රෑම් 5
- සෝයා සෝස් මිලි ලීටර් 5
- ඔයිස්ටර් සෝස් මිලි ලීටර් 50
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
ඌරු මස්වලට ලුණු හා ගම්මිරිස් දමා සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් රත්වූ භාජනයකට සුදු ලූනු, ලූනු හා ඉඟුරු දමා තෙම්පරාදු කරගන්න. පසුව ඉතිරි සියලුම ද්‍රව්‍ය හා බැදගත් ඌරු මස් දමා හොඳින් කලවම් කරගන්න.
ආහාර ගවේෂක
විධායක සූපවේදී
සුජිත් ආරියරත්න