අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 250
- නැවුම් එළ කිරි මිලිලීටර් 300
- රත් කරගත් තෙල් මිලිලීටර් 25
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- බිත්තර 5
- කෑලි මිරිස් ස්වල්පයක්
- කහ ස්වල්පයක්
- ග්‍රේට් කරගත් කැරට් අල 2
- සිහින්ව කපාගත් ලීක්ස් ස්වල්පයක්
- චොප් කරගත් අමු මිරිස් කරල් 3
- චොප් කරගත් ලූනු ගෙඩි 1
සාදාගන්නා ආකාරය
භාජනයකට පාන් පිටි, ලුණු තේ හැඳි 1 ක් සහ බිත්තරයක් දමාගෙන කවලම් කරගන්න. එයට එළකිරි ටික ටික එකතුකරන ගමන් විස්ක් එකකින් කවලම් කරගන්න. එම මිශ්‍රණය පෙරේනයකින් පෙරාගෙන රත් කරගත් තෙල් ටිකද එකතු කර කවලම් කරගන්න. තවත් භාජනයකට ඉතිරි බිත්තර, කෑලි මිරිස්, කැරට්, ලීක්ස්, ලුණු, ගම්මිරිස්, අමු මිරිස් සහ කහ දමා හොඳින් කලවම් කර පසෙකින් තබන්න. අඩු ගින්දරේ තෙල් රත්වූ පෑන් එකකට සාදාගත් බැටර් එක දමා රොටියක් ආකාරය සකසාගන්න. රොටියේ උඩ පැත්ත කුක් වීගෙන එද්දී එහි මැදට බිත්තර මිශ්‍රණය දමා හතර පැත්තෙන් නමාගෙන දෙපැත්ත දමා පුළුස්සා ගන්න.
සූපවේදී සපුමල් විජේසිංහ