අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කෝප්ප 2
- බේකින් පවුඩර් තේ හැඳි 1
- සුදු පොල් තෙල් මේස හැඳි 2
- රස අනුව ලුණු
- මද උණුසුම් වතුර මිලිලීටර් 160
සාදාගන්නා ආකාරය
භාජනයක් අරගෙන එයට පාන් පිටි, බේකින් පවුඩර්, ලුණු සහ තෙල් දමා හැන්දකින් හොඳින් කවලම් කරගන්න. මද වේලාවකට පසුව උණු වතුර ටික ටික එකතුකරන ගමන් ඩෝ එක අතේ නොඇලෙන පදමට අනාගන්න. ඩෝ එක බෝල් එකකට දාලා තෙත රෙද්දකින් වහලා විනාඩි 15ක් තියන්න. පසුව කැමති සයිස් එකට පොඩි බෝල කඩාගන්න. ඉන්පසු නැවතත් විනාඩි 5 ක් වහලා තියන්න. පසුව බෝල ටික අරගෙන Rolling pin එකෙන් දිග හැර ගන්න. පෑන් එකක් අඩු ගින්දරේ ළිප තබා තෙල් එකතුකර රත් වූ පසු රොටි ටික දෙපැත්ත දමා පුළුස්සා ගන්න.
සූපවේදී සපුමල් විජේසිංහ