අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු හතු අවශ්‍ය පමණට
- සෝයා සෝස් මේස හැඳි 1 1/2
- ඉඟුරු යුෂ තේ හැඳි 1
- සීනි තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
- කෝන් පිටි කෝප්ප 1/2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
එක හත්තක් කොටස් 3 කට වෙන්න කඩා ගන්න. එයට සෝයා සෝස්, ඉඟුරු යුෂ, ලුණු, සීනි, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කර විනාඩි 30 ක් ශීතකරණයේ තබන්න. එක එක කොටස කෝන් පිටිවල දවටා හොඳින් බැදගන්න.
සූපවේදිනී – චම්මි ඉමල්කා