අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් කැරට් කෝප්ප 4
- එළකිරි කෝප්ප 2
- ගිතෙල් මේස හැඳි 2
- කජු ග්‍රෑම් 75
- වියලි මිදි ග්‍රෑම් 75
- සීනි කෝප්ප 01
- කිරිපිටි කෝප්ප 1/2
- පැණි කෝප්ප 01
සාදාගන්නා ආකාරය
කජු සහ මුද්දරස්පලම් යන්තම් තෙලේ බැදගන්න. පිරිසදු භාජනයක් ළිප තබා එයට ගිතෙල් ටිකක් දමා එය රත්වන විට කැරට් දමා හැඳිගාමින් මද ගින්නෙ තම්බාගන්න.එම මිශ්‍රණයට එළකිරි එකතු කර කිරි දියර වාෂ්ප වන තුරු හැඳිගාමින් උයාගන්න. (මෙහිදී භාජනය වසන්නට එපා) කිරි අඩු වේගෙන යද්දී සීනි ටික එයට එකතු කර මිශ්‍රණය දිගටම හැඳිගාන්න.
කිරි වාෂ්ප වී මිශ්‍රණය ඝන වනවිට කජු සහ මුද්දරස්පලම් එකතු කරගන්න. පසුව ඉතිරි ගිතෙල් දමා මිශ්‍රණය තවදුරටත් ඝන වෙන්නට හැර කිරිපිටි එකතු කර ටේ්ර එකක් මත අසුරා නිවෙන්නට හැර කෑලි කපාගන්න.සාදාගත් කැරට් හල්වා කෑලි කපා ඩෙසට් කප්වලට දමා උඩින් පැණි වත්කර පිළිගන්වන්න.
සූපවේදිනී රිස්කා රාසික්
රෝයල් රෙලිශ් (පුද්) සමාගම