අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් බත් කෝප්ප 2
- බටර් මේස හැඳි 2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- ඉඟුරු සුදු ලූනු පේස්ට් මේස හැඳි 1 1/2
- කපාගත් බෙල්පෙපර් ගෙඩි 1
- චොප්කරගත් තක්කාලි ගෙඩි 4
- චොප්කරගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/2
- ගරම් මසාලා තේ හැඳි 1
- රස අනුව ලුණු
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- වතුර මේස හැඳි 1
- තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/2
- බැදගත් කජු ස්වල්පයක්
- තම්බා කොටු කපාගත් අල ගෙඩි 2
සාදාගන්නා ආකාරය
පෑන් එකට බටර් දමා රත්වූ පසු ලූනු දමා තෙම්පරාදු කරගන්න. මද වේලාවකට පසු ඉඟුරු, සුදු ලූනු පේස්ට්, බෙල්පෙපර්, තක්කාලි හා කොත්තමල්ලි කොළ එකතු කර කලවම් කරගන්න.
එයටම ගරම් මසාලා හා ලුණු එකතු කරගෙන චොප්කරගත් අමුමිරිස් ටික දමාගන්න. වතුර එකතුකර හොඳින් කලවම් කර මද වේලාවකට පසුව කජු, ග්‍රීන්පීස් හා අල ටික දාලා බත් ටික දාලා හොඳට කලවම් කරගන්න.
