අවශ්‍ය ද්‍රව්‍ය
- බාස්මති හාල් ග්‍රෑම් 500
- සිහින්ව කපාගත් ඉඟුරු ග්‍රෑම් 5
- සිහින්ව කපාගත් සුදු ලුනු ග්‍රෑම් 5
- සිහින්ව කපාගත් කරපිංචා ග්‍රෑම් 5
- සිහින්ව කපාගත් ලූනු කොළ
- ග්‍රීන් පීස් ග්‍රෑම් 30
- කොළ පාට බෙල්පෙපර් ග්‍රෑම් 25
- සිහින්ව කපාගත් සැල්දිරි ග්‍රෑම් 25
- බිත්තර 02
- තෙල් මේස හැඳි 01
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
සාමාන්‍ය ආකාරයට බත් පිස ගන්න. තෙල් රත්වූ භාජනයකයට බිත්තර, සිහින්ව කපාගත් එළවළු, බෙල් පෙපර්, සැල්දිරි, ලූනු කොළ, කරපිංචා, ග්‍රීන් පීස්, ලුණු සහ ගම්මිරිස් දමා කලවම් කරගන්න. ඉඟුරු සුදු ලූනුද චොප් කර එකතු කර හොඳින් තෙම්පරාදු වූ පසු බතට දමා ගන්න.