අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් ග්‍රෑම් 250
- වතුර මේස හැඳි 1
- තෙල්
- ඔයිස්ටර් සෝස් තේ හැඳි 1
- බඩ ඉරිඟු පිටි තේ හැඳි 1/2
- පිසගත් බාස්මති බත් කෝප්ප 05
- ඉදුණු කොච්චි කරල් 3
- කොටු හැඩයට කපාගත් ලොකු ලූනු කෝප්ප 1/2
- කොටු හැඩයට කපන ලද රතු බෙල් පෙපර් කෝප්ප 1/4
- නිවිති කොළ කෝප්ප 1
- චොප් කරගත් සුදු ලූනූ බික් 3
- බැසිල් කොළ ස්වල්පයක්
- කුඩාවට කපාගත් ලූනූ කොළ ස්වල්පයක්
- උණු වතුර මේස හැඳි 1
- දුඹුරු සීනි තේ හැඳි 1
- ෆිෂ් සෝස් මේස හැඳි 2
- සෝයා සෝස් මේස හැඳි 1
- ගම්මිරිස් කැබලි 1/4 ක්
- රස අනුව ලුණු
- ගසාගත් බිත්තර 2
- දෙහි හෝ ලෙමන් පෙති කීපයක්
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට කුකුල්, මස්, වතුර, කෝන් පිටි, තෙල් සහ ඔයිස්ටර් සෝස් එක්කර හොඳින් කලවම් කර රැයක් ශීතකරණයේ තබන්න. භාජනයක් ගෙන එයට උණුවතුර, සීනි, ෆිෂ් සෝස්, සෝයා සෝස් සහ ගම්මිරිස් එක්කර සීනි දියවනතුරු හොඳින් කලවම් කරගන්න. තවත් භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි 1 1/2 ක් දමා තෙල් රත්වන විට ගසාගත් බිත්තර දමා ස්ක්රම්බල් කර වෙනත් භාජනයකට දමාගන්න.
ළිපේ ඇති භාජනයට නැවත තෙල් මේස හැඳි 1 ක් දමා කුඩාවට කපාගත් මස් කැබලි එක්කර රන්වන් පැහැ වන තුරු බැදගෙන ළිපෙන් ඉවත් කරගන්න. නැවත භාජනයට තෙල් මේස හැඳි 01 ක් පමණ දමා තෙල් රත්වන විට කුඩාවට කපාගත් ලූනූ, බෙල් පෙපර් සහ කොච්චි එක්කර හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා සුදු ලූනු සහ පිසගත් බත් එක්කර හොඳින් කලවම් කරගන්න.
විනාඩියක් පමණ තබා සූදානම් කරගත් සෝස් මිශ්‍රණය සහ නිවිති කොළ එක්කර කලවම් කරන්න. විනාඩියක් පමණ තබා බැදගත් මස් සහ බිත්තර එකතු කර හොඳින් කලවම් කරගන්න. ලුණු කුඩු එක්කර විනාඩියක් දෙකක් පමණ තබා ළිපෙන් ඉවත් කර බැසිල් කොළ සහ ලූනූ කොළ දමා හොඳින් කලවම් කරගන්න.