අවශ්‍ය ද්‍රව්‍ය
- පිසගත් කීරි සම්බා කිලෝග්‍රෑම් 1
- ඉස්සො ග්රැම් 200
- දැල්ලො ග්‍රෑම් 200
- මාළු ග්‍රෑම් 200
- බිත්තර 4
- ඉඟුරු ග්‍රෑම් 20
- සුදු ලූනු ග්‍රෑම් 20
- කැරට් ග්‍රෑම් 100
- ලූනු කොළ ග්‍රෑම් 100
- සෝයා සෝස්
- මේස හැඳි 3
- තෙල් මේස හැඳි 5 – 6
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා අකාරය
ඉස්සන්, දැල්ලන් සහ මාළු කුඩා කැබලිවලට කපාගන්න. කැරට් සහ ලූනු කොළ ද සිහින්ව කපා ගන්න.
දැන් සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් එකතුකර රත්වන විට ඉඟුරු, සුදු ලූනු සහ බිත්තර දමා කලවම් කරගන්න.
එයට කුඩාවට කපාගත් මාළු, ඉස්සන් හා දැල්ලන් එකතුකරන්න. ලුණු සහ ගම්මිරිස් එකතුකර හොඳින් බැදගන්න.
එම මිශ්‍රණයටම කැරට් හා ලූනු කොළ දමා තෙම්පරාදු වනවිට පිසගත් බත් දමා හොඳින් කලවම් කරගන්න.