අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු කපාගත් කේක් කෝප්ප 1
- ශුගර් සිරප් කෝප්ප 1/4
- කපාගත් චෙරි ස්වල්පයක්
- චොක්ලට් මූස් කෝප්ප 1
- විප්ක්‍රීම් කෝප්ප 1
- චොක්ලට් කෑලි 2-3
- චොක්ලට් සෝස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
ඩෙසර්ට් කප් එකකට කේක් කෑළි ටිකක් දමා උඩින් සිරප් ටිකක් දාගන්න. ඊළඟට කපාගත් චෙරි ටිකක් දාලා චොක්ලට් මූස් ටිකක් පයිප් කරන්න. සාදාගත් විපින් අයිසින් එකෙන් පයිප් කරලා තව කේක් කෑලි ටිකක් දාගන්න. නැවත සිරප් දාලා චෙරි දාලා මූස් පයිප් කරලා උඩින් චොක්ලට් ගහගන්න. චොක්ලට් සෝස් ටිකක් උඩින් දාලා කෑමට ගන්න.