අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩුකරගත් කේක් කෝප්ප 1
- බටර් මේස හැඳි 2
- ක්‍රීම්චීස් කෝප්ප 1/2
- අයිසින් ශුගර් කෝප්ප 1/2
- ඩාක් චොක්ලට් ග්‍රෑම් 100
- කිරි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බටර්වලට ක්‍රීම්චීස් හා අයිසින් ශුගර් දමා හොඳින් බීට් කර කේක් කුඩු එකතුකර හැන්දකින් කලවම් කරගන්න. පොප්සිකල් මෝල්ඩ් එකකට සාදාගත් මිශ්‍රණය ස්වල්පය බැඟින් දමා ලෙවල් කරගන්න.
පසුව ස්ටික්ස් සවි කර පැය 2 ක් පමණ ශීතකරණයේ තබන්න. ඩාක් චොක්ලට් ටික ඩබල් බොයිල් කර කිරි එකතු කර මිශ්‍රණයක් සදා ෆ්‍රීස් කරගත් කේක්සිකල් අරගෙන දියකරගත් චොක්ලට්වල දවටා නැවත පැය 2 ක් ශීතකරණයේ තබන්න.