අවශ්‍ය ද්‍රව්‍ය
- පීනට් කෝප්ප 1/4
- පීනට් බටර් මේසහැඳි 1
- ඇට අයින් කල රටඉඳි 6-7
- කිරි කෝප්ප 1
- අයිස්කැට 4-5
- කපාගත් පීනට් ස්වල්පයක්
සාදාගත් ආකාරය
පීනට් ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට කුඩු කරගන්න. මේකට පීනට් බටර්, රටඉඳි හා කිරි ටික දාලා ආයෙ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ග්ලාස් එකකට අයිස් කියුබ් ටික දාලා බ්ලෙන්ඩ් කරගත් ශේක් එක දාලා උඩින් කපාගත් පීනට් ටික දාගන්න.
