අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1
- සීනි තේහැඳි 2
- පිස්ටාචියෝ මේසහැඳි 1
- ස්ට්‍රෝබෙරි සිරප් මේසහැඳි 1
- කිරි කෝප්ප 1
- විප්ක්‍රීම් කෝප්ප 1/2
- අයිස්කැට 4-5
- පෙතිකපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩියක්
සාදාගන්න ආකාරය
බ්ලෙන්ඩර් එකට ස්ට්‍රෝබෙරි, සීනි, පිස්ටාචියෝ, ස්ට්‍රෝබෙරි සිරප් හා කිරි දාලා විනාඩියක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. විප්ක්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න.
දැන් ග්ලාස් එකකට අයිස්කැට ටික දාල ශේක් එක වක්කරලා උඩින් විප්ක්‍රීම් පයිප් කරගන්න. පෙති කපාගත් ස්ට්‍රෝබෙරි ටිකක් ගහලා ස්ට්‍රෝබෙරි සිරප් වක්කරගන්න.