අවශ්‍ය ද්‍රව්‍ය
- ආමන්ඩ් කිරි කෝප්ප 1
- චොප්කරගත් ඩාක් චොක්ලට් කෝප්ප 1/4
- අලිගැටපේර ගෙඩි 2
- ග්‍රේට්කරගත් දොඩම් පොතු ස්වල්පයක්
- රස අනුව ලුණු
- ඔලිව්තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
කිරි ටික පෑන් එකට දමා විනාඩි 3 ක් පමණ රත්වෙන්න හැර ළිපෙන් ඉවත් කර චොක්ලට් ටික දමා හැඳිගාන්න. චොක්ලට් ටික හොඳින් දිය වූ පසු නිවෙන්න හරින්න.
බ්ලෙන්ඩර් එකට අලිගැටපේර, දොඩම් පොතු, සාදාගත් චොක්ලට් මිශ්‍රණය සහ ලුණු දමා විනාඩියක් හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ මිශ්‍රණය බෝල් එකකට දාලා උඩින් ඔලිව්තෙල් ටිකක් ඉසගන්න.