අවශ්‍ය ද්‍රව්‍ය
- අඹ බ්ලෙන්ඩ් කර සාදාගත් අඹ පියුරි කෝප්ප 1 1/4
- විපින් ක්‍රීම් කෝප්ප 1
- සීනි මේස හැඳි 6
- වැනිලා ස්වල්පයක්
- චොප්කරගත් කජු හෝ ආමන්ඩ් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට අඹ පියුරි එකෙන් කෝප්ප 1 ක් සහ වැනිලා එකතු කරන්න. තවත් බෝල් එකකට විප් ක්‍රීම් සහ සීනි දාමා හොඳට බීට් කරගන්න. දැන් බ්ලෙන්ඩර් එකට විපින් මිශ්‍රණය හා අඹ පියුරි එක දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
සාදාගත් මූස් එක ඩෙසර්ට් කප්ස්වලට දාලා උඩින් ඉතිරි අඹ පියුරි ටික ටික දමා චොප්කරගත් කජු හා ආමන්ඩ් දාලා තව ස්වල්ප වේලාවක් ශීතකරණයේ තබන්න එකේ දාගන්න.
