අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 200
- බේකින් පවුඩර් තේ හැඳි 1
- සූදුරු තේ හැඳි 1/4
- කරදමුංගු කුඩු තේ හැඳි 1/4
- බටර් මේස හැඳි 3
- ලුණු
- සිරප් එකට
- සීනි කෝප්ප 1 1/2
- වතුර කෝප්ප 1/2
- රෝස් එසන්ස් බිංදු 4
සාදාගන්නා ආකාරය
භාජනයකට පාන්පිටි දමා එයට බේකින් පවුඩර්, සූදුරු, කරදමුංගු කුඩු, බටර්, ලුණු සහ වතුර කෝප්ප 1/2 ක් එකතුකර අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. සාදාගත් ඩෝ එක කොටස් දෙකකට කඩලා එක කොටසකින් බෝල 16 ක් වෙන්න බෝල 32 ක් සාදාගන්න.
උළුදු වඩේ එකක් වගේ මැද හිලක් වගේ එන බෝල හදලා ගැඹුරු තෙලේ බැදගන්න. නිවෙන්න හැර පසුව සීනිවලට වතුර දමා ළිප තබා රෝස් එසන්ස් දාගන්න. නූල් ඇදෙන පදම එනකොට බැදගත් බුලුෂාහි ටික දාලා පොඟවගන්න.