අවශ්‍ය ද්‍රව්‍ය
- වම්බටු ග්‍රෑම් 400
- මාදුරු තේ හැඳි 1/2
- සුදු ලූනු බික් 6
- කුරුඳු කැබැල්ලක්
- ඉඟුරු කැබැල්ලක්
- කොත්තමල්ලි කොළ ග්‍රෑම් 20
- කරපිංචා ඉති 2
- ලොකු ලූනු ග්‍රෑම් 50
- තක්කාලි ග්‍රෑම් 100
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගරම්මසාලා තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- තෙල් මේස හැඳි 4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
වම්බටු පොඩියට කපා බැදන්න. ලූනු, සුදු ලූනු සහ තක්කාලිද පොඩියට කපාගන්න. භාජනයක් ළිප තබා එයට ලූනු, සුදු ලූනු, තක්කාලි සහ ඉතිරි සියල්ලම දමා කලවම් කර බැදගත් වම්බටු එකතුකරගන්න. අවසානයට කොත්තමල්ලි කොළ උඩින් ඉස ගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/sujith-ariyarathne.png)