අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කඩල කෝප්ප 2
- කුඩාවට තක්කාලි ගෙඩි 1
- සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි 5
- තලාගත් සුදු ලූනු බික් 2
- කපාගත් අමුමිරිස් කරල් 2
- අමු තුනපහ තේ හැඳි 1
- ගරාම් මසාලා කුඩු 1/2
- කහ කුඩු 1/2
- අබ තේ හැඳි 1
- උළු හාල් ස්වල්පයක්
- කුරුඳු පොතු කැබැල්ලක්
- මිටි කිරි සහ දිය කිරි
- කෝප්ප 1 බැගින්
- රම්පේ කරපිංචා
- තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට අබ, සුදු ලූනු, රතු ලූනු, රම්පෙ සහ කරපිංචා දමා බැදගෙන තෙල් බේරෙන්න හරින්න. කඩලවලට දිය කිරි සහ ඉතිරි සියල්ලම දමා ළිප තබගන්න. දිය කිරි හිඳීගෙන එන විට මිටි කිරි දමා කලවම් කරගන්න. මිශ්‍රණය උතුරන විට බැදගත් ද්‍රව්‍ය දමා කලවම් කරගන්න.
