අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් ටෝෆු ග්‍රෑම් 100
- තෙල් ස්වල්පයක්
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- වතුර කෝප්ප 4
- කපාගත් කැරට් අල 1
- කපාගත් අල ගෙඩි 1
- කඩාගත් කෝලිෆ්ලවර් කෝප්ප 1
- රස අනුව ලුණු
- තලතෙල් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලූනු ටික දාලා බැදෙන්න අරින්න. දැන් වතුර කෝප්ප 4 ක් වගේ දාලා උතුරවන්න.
උතුරන විට ටෝෆු ටික කපා එකතුකර තැම්බෙන්න හරින්න. කැරට්, අල සහ කෝලිෆ්ලවර් ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න. උතුරනකොට ලිපෙන් බාගන්න.
