අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් ටෝෆු කෝප්ප 2
- තලතෙල් මේස හැඳි 1
- කොටු හැඩයට කපාගත් ළූණු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් බෙල්පෙපර් ගෙඩි 1/2
- කොටු හැඩයට කපාගත් සුකිනි කෝප්ප 1/2
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් නිවිති කෝප්ප 1
- චොප්කරගත් පිපිඤ්ඤා කෝප්ප 1/4
- ස්වීට් කෝන් ඇට කෝප්ප 1/4
- ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/2
ඩ්‍රෙසින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- ලෙමන් ජූස් මේස හැඳි 1
- මී පැණි මේස හැඳි 1/2
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2
සාදාගන්නා ආකාරය
පෑන් එකකට තලතෙල් දාලා රත්වූ පසු ටෝෆු ටික දාලා ෆ්‍රයි කර පෑන් එකෙන් ඉවත් කරගන්න.එම පෑන් එකටම ලූනු, තක්කාලි, බෙල්පෙපර් හා නිවිති දමා ෆ්‍රයි කරගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කර ලිප නිවන්න.
කර සැලඩ් ඩ්රසෙින් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය භාජනයකට දමා කලවම් කරගන්න. වෙනම භාජනයකට පිපිඤ්ඤා, කෝන් හා කැරට් දාලා කලවම් කරගන්න.
මෙයට ෆ්‍රයි කරගත් එළවළු ටික දමා කලවම් කර සැලඩ් ඩ්‍රෙසින් එකට දාගන්න. අවසානයට ටෝෆු ටික දමා කලවම් කරගන්න.
