අවශ්‍ය ද්‍රව්‍ය
- අල ගෙඩි 2
- සුදු ලූනු බික් 3
- ඉඟුරු කැබැල්ලක්
- සේර ස්වල්පයක්
- කුරුදු පොතු ස්වල්පයක්
- කරාබු නැටි 1
- එන්සාල් 3
- ගම්මිරිස් ඇට 15
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව මිරිස් කුඩු
- රස අනුව ලුණු
- ලූනු ගෙඩි 1/2
- අමුමිරිස් කරල් 2-3
- කරපිංචා ඉති 1
- පාන් පිටි කෝප්ප 1/2
- පාන් කුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අල හොඳින් තම්බා පොඩි කර ගන්න. සුදු ලූනු, ඉඟුරු, සේර, කුරුඳු, කරාබුනැටි, එන්සාල්, ගම්මිරිස්, කහ, මිරිස් කුඩු සහ ලුණු දමා හොඳින් අඹරා පේස්ට් එකක් සාදාගන්න. තෙල් රත්වූ පෑන් එකකට ඉහත අඹරාගත් පේස්ට් එක එකතුකර බැදගන්න.
එයට ලූනු, අමුමිරිස්, කරපිංචා එකතුකර පොඩි කරගත් අල එකතුකර හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණයෙන් බෝල සාදා පාන් පිටිවල ද වටාගන්න.
ඉතිරි පාන් පිටිවලට වතුර එකතු කර පේස්ට් එකක් සාදා ගන්න. එක එක කට්ලට් එක පාන් පිටි පේස්ට් එකේ දවටා පාන් කුඩු දවටා ගන්න. දෙවරක් මෙලෙස දවටා ගැඹුරු තෙලේ බැදගන්න.