අවශ්‍ය ද්‍රව්‍ය
- පරිප්පු ග්‍රෑම් 250
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2
- අමුමිරිස් කරල් 2-3
- කරපිංචා ඉති 1
- රම්පෙ කොළ 1
- සිහින්ව කපාගත් සුදු ලූනු බික් 2
- කුරුඳු පොතු කැබැල්ලක්
- රස අනුව ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1 1/4
- තුනපහ කුඩු තේ හැඳි 1 1/2
- කහ කුඩු තේ හැඳි 1/2
- බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2
- දිය කිරි මි.ලී 500
- මිටි කිරි මි.ලී 300
සාදාගන්නා අකාරය
පරිප්පු හොඳින් සෝදා වතුර බේරා පෑන් එකකට දමා එයටම ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, සුදු ලූනු, කුරුඳු, ලුණු, මිරිස් කුඩු, තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු, කහ කුඩු සහ දිය කිරි දමා කලවම් කරගන්න. මිශ්‍රණය හිදීගෙන එන විට මිටි කිරි එකතු කර පිසගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/08/chammi-imalka.png)