අවශ්‍ය ද්‍රව්‍ය
- බෝංචි ග්‍රෑම් 250
- ලූනු ගෙඩි 1/4
- අමුමිරිස් 2
- රම්පෙ කොළ 1/2
- කරපිංචා ඉති 1
- කුරුඳු පොතු කැබැල්ලක්
- රස අනුව ලුණු
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- තුනපහ කුඩු තේ හැඳි 3/4
- දිය කිරි ස්වල්පයක්
- මිටි කිරි ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෝංචි සෝදා තරමක කැබලි කපා පෑන් එකකට දමා ගන්න. එයට රට ලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු සහ දිය කිරි එකතුකර කලවම් කරගන්න. මද ගින්නේ මිශ්‍රණය උතුරන විට මිටි කිරි එකතු කර හින්දවා ගන්න.
