අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් ග්‍රෑම් 100
- තද උණු වතුර
- ලොකු මාළු මිරිස් කරල් 3
- කපාගත් ලූනු ගෙඩි 2
- කපාගත් තක්කාලි ගෙඩි 1
- කපාගත් අමුමිරිස් කරල් 5
- රම්පෙ කරපිංචා
- තලාගත් සුදු ලූනු බික් 4
- කෑළි මිරිස් මේස හැඳි 15
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- තක්කාලි සෝස් මේස හැඳි 4
- ස්වීට් චිලි සෝස් මේස හැඳි 2
- සීනි මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සෝයාමීට් තම්බා වතුර පෙරා ගැඹුරු තෙලේ බැදගන්න. ඒ තෙල්වලින් මේස හැඳි 2 ක් පමණ පෑන් එකට දමා සුදු ලූනු, රම්පෙ, කරපිංචා, ලූනු, මාළු මිරිස් සහ අමුමිරිස් දමා තත්පර 30 ක් පමණ බැදගන්න.
කෑළි මිරිස්, ගම්මිරිස් කුඩු, සීනි සහ ලුණු එකතු කර හොඳින් කලවම් කර සෝස්, බැදගත් සෝයා මීට් සහ තක්කාලි එකතු කර කලවම් කරගන්න.
