අවශ්‍ය ද්‍රව්‍ය
- කැබලිවලට කඩාගත් හතු ග්‍රෑම් 250
- බැදපු තුනපහ කුඩු මේසහැදි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ කුඩු තේ හැඳි 1/4
- ලුණු රස අනුව
- කපාගත් සුදු ලූනු බික් 3
- සිහින්ව කපාගත් රට ලූනු ගෙඩි 1/4
- රම්පෙ කොළ 1
- කරපිංචා ඉති 1
- ගොරකා කැබැල්ලක්
- පොල් මේස හැඳි 2
- පොල්කිරි මේස හැඳි 3-4
සාදාගන්නා ආකාරය
පොල් ටික පෑන් එකකට දමා කළු වෙන්න බැද ගන්න. හතු ටිකට බැදගත් පොල් සහ ඉතිරි සියල්ලම දමා මද ගින්නේ ළිප තබා කලවම් කර පියනකින් වසා හින්දවා ගන්න.