අවශ්‍ය ද්‍රව්‍ය
- නිවිති කොල 15 ක් පමණ
- රතුලූනු ගෙඩි 6/7
- අමුමිරිස් කරල් 2
- ගාගත් පොල් මේස හැඳි 4
- උම්බලකඩ මේස හැඳි 1
- රස අනුව දෙහි ඇඹුල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සෝදා පිරිසිදුකරගත් නිවිති තරමක ලොකු තීරූවලට කපාගන්න. රතුලූනු සහ අමුමිරිස් සිහින්ව කපාගන්න. භාජනයක් ගෙන එයට කපාගත් නිවිති, ලූනු, අමුමිරිස්, උම්බලකඩ, ගාගත්ත පොල්, දෙහි ඇඹුල් සහ ලුණු එකතුකර හැන්දකින් කලවම් කරගන්න.
