අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් පැකට් එකක්
- රවුම් කපාගත් ලූනු ගෙඩි 3
- කපාගත් මාළු මිරිස් කරල් 2
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- විනාකිරි මේස හැඳි 1
- ගොරකා කැබලි 2
- කහ ස්වල්පයක්
- සීනි තේ හැඳි 1/2
- කුරුඳු පොතු කැබැල්ලක්
- කරදමුංගු ඇට 3
- කරාබු නැටි 5
- රම්පෙ, කරපිංචා
- තලාගත් ඉඟුරු, සුදු ලූනු තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
සෝයාමීට්වලට කහ, ගොරකා සහ ලුණු එක්කර තම්බා වතුර මිරිකා හරින්න. තෙල් රත්වූ පෑන් එකකට කරදමුංගු, කරාබුනැටි, කුරුඳු, ඉඟුරු, සුදු, රම්පෙ සහ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
කරපිංචා බැදී සුවඳ එන විට එයට ලූනු ටික එක් කර ඒ සමඟම විනාකිරි, සීනි, ගම්මිරිස්, ලුණු සහ කහ ටිකක් එක් කරගන්න.
එයට මාළු මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගෙන වතුර මිරිකාගත් සෝයාමීට් එක් කරගන්න. ලිපේ ගින්දර අඩු කර විනාඩි 3 ක් පමණ පියනකින් වසා පිසගන්න.