අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයාමීට් පැකට් එකක්
- තම්බා ගත් අල ගෙඩි 3
- චොප් කරගත් ලූනූ ගෙඩි 2
- තලාගත් සුදු ලූනු බික් 2
- අමු තුනපහ තේ හැඳි 1/2
- චොප් කරගත් අමුමිරිස් කරල් 4
- රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
- කෑලි මිරිස් ස්වල්පයක්
- බැටර් එක සඳහා පාන් පිටි සහ කහ ස්වල්පයක්
- පාන් කුඩු අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
සෝයාමීට්වලට ලුණු දමාගත් උණුවතුරේ දමා විනාඩි 15ක් පමන පෙඟෙන්න හරින්න. පසුව සෝයාමීට්වල වතුර මිරිකා හරින්න. පසුව ග්‍රයින්ඩරයක දමා හොඳින් අඹරා ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් සහ අමු පහේ එක් කර හොඳින් අනාගන්න.
තෙල් රත්වූ පෑන් එකකට සුදු ලූනු, ලූනු සහ අමුමිරිස් එක්කර තෙම්පරාදු කර ලූනු මැලවීගෙන එනවිට එයට සෝයාමීට් ටික එක් කර හොඳින් කලවම් කර පොඩි කරගත් අල එක් කරගන්න.
පසු නිවෙන්න හැර බෝල සාදාගන්න. පාන්පිටි, ලුණු සහ කහ ස්වල්පයකට වතුර එක්කර දියාරු නොවන තරමක් උකු බැටරයක් සාදා කට්ලට් බෝල බැටරයේ තවරා පාන් කුඩුවල දවටා ගැඹුරු තෙලේ රන් වන් පාට වන තුරු බැදගන්න.