අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා මීට් කෝප්ප 2
- තම්බා පොඩි කරගත් අල ගෙඩි 2
- මිරිස් කුඩු තේ හැඳි 1 /2
- සූදුරු කුඩු තේ හැඳි 1/2
- ගරම්මසාලා තේ හැඳි 1 /2
- සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 2
- සුදු ලුනු පේස්ට් තේ හැඳි 1
- කොන්ෆ්ලා මේස හැඳි 2
- පාන් පිටි ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- බිස්කුඩු ග්‍රෑම් 100
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
සෝයා මීට් තම්බාගෙන හොඳින් මිරිකා වතුර පෙරාගෙන ග්‍රයින්ඩ් කරගන්න. ග්‍රයින්ඩ් කරගත් මිශ්‍රණයට තුනපහ සිල්ලම, අමු මිරිස්, ලුණු සහ සුදු ලූනු පේස්ට් එක දමා හොඳින් අනාගන්න.
පසුව පොඩිකරගත් අල සහ කෝන්ෆ්ලා එකතුර අනාගෙන කැමති හැඩවලට සාදාගන්න. පාන් පිටි හා වතුර මිශ්‍රකර උකු බැටරයක් සාදා ගන්න.
සාදාගත් සෝයා නගට් පාන් පිටි බැටරයෙ දවටා ඉන්පසුව බිස්කට් කුඩුවලද තවරා ගැඹුරු තෙලේ බැදගන්න.