අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් බ්‍රොකලි කිහිපයක්
- රතුලූනූ ගෙඩි 6
- අමුමිරිස් කරල් 3
- සුදුලූනූ බික් 4
- රම්පේ, කරපිංචා
- පොල්තෙල්
- පොල්
- අවශ්‍ය පමණට උම්බලකඩ
- අබ ඇට තේ හැඳි 1/4
- සූදුරු තේ හැඳි 1/4
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට පොල්තෙල්, අබ, සූදුරු, රම්පේ, කරපිංචා, රතුලූනූ, සුදු ලූනූ,අමුමිරිස්, පොල්, කහ කුඩු සහ උම්බලකඩ එකතු කර කලවම් කරගන්න.
එයට සිහින්ව කපාගත් බ්‍රොකලි එකතු කර රස අනුව ලුණු දමා හොඳින් කලවම් කර විනාඩියක් පමණ ළිප තබා ඉවත් කරගන්න.
