අවශ්‍ය ද්‍රව්‍ය
- නැවුම් කිරි කෝප්ප 2
- වතුර කෝප්ප 1
- බටර් තේ හැඳි 1 1/2
- ලුණු තේ හැඳි 1/4
- රුලං පිටි කෝප්ප 1/3
- සුදු සීනි මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
වතුර, කිරී, බටර් සහ ලුණු භාජනයකට දමා මද ගින්නේ රත්කර හැදිගාමින් උතුරවාගන්න. මිශ්‍රණය ළිපෙන් ඉවත්කර රුලං පිටි දමා කැට නොසෑදෙන ලෙස එක දිගට හැඳි ගාගන්න. ගින්දර අඩුකර පියනකින් වසා කැඳ මිශ්‍රණය ඝනකම් වනතුරු විනාඩි 20 ක් පමණ නටවා ගන්න. සාස්පාන ළිපෙන් ඉවත්කර සීනි එකතුකර විනාඩි කිහිපයක් නිවෙන්න හරින්න.
