අවශ්‍ය ද්‍රව්‍ය
- බැදපු හාල් පිටි ග්‍රෑම් 250
- අවශ්‍ය පමණට වතුර
- රස අනුව ලුණු
- පැණි පොල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය
- ගා ගත් පොල් කෝප්ප 1
- සීනි ග්‍රෑම් 50
- වතුර කෝප්ප 1/2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයකට හාල් පිටි සහ ලුණු දමා හොඳින් මිශ්‍ර කර දැන් වතුර ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන පදමට මිශ්‍රණය සාදා ගන්න. පොල් පැණි සාදා ගැනීම සදහා භාජනයක් ළිප තබා එයට සීනි එකතු කර රන්වන් පාට වනතෙක් උණු කර රන්වන් පාට වූ පසු වතුර හා ලුණු එකතු කර අවසානයට පොල් එකතුකර හොඳින් මලවා ගන්න.
කලින් සාදාගත් පිටි මිශ්‍රණයෙන් පිටි ගුලියක්ගෙන ඉඳිආප්ප වංගෙඩියට දමා තෙල් ආලේප කරගත් කෙසෙල් කොළයක් මතට ඉඳිආප්ප රැළි රවුම් ආකාරයට වක්කර එහි පැත්තකට සාදාගත් පොල් පැණි දමා දැන් කෙසෙල් කොළ ආධාරයෙන් පොල් පැණි නොදැමු පැත්තෙන් ඔසවා පොල් පැණි දැමූ පැත්ත මතට හරවා ගන්න. සාදා ගත් ලැවරිය ඉදිආප්ප තට්ටු මත අතුරා හුමාලයෙන් තම්බා ගන්න.